මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පී.එන්. තාරක නිරෝෂන් දේවප්‍රිය පත්කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිහිටුවන ලද නව තනතුරක් වන මෙම අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරට පත් වන පළමුවන නිලධාරියා ඔහු වනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන තාරක නිරෝෂන් දේවප්‍රිය 2003 පරිපාලන සේවා කණ්ඩායමේ සාමාජිකයෙක් වනවා.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් රාජ්‍ය සේවයට එක් වූ ඔහු, සිය රාජ්‍ය සේවා කාලය තුළ මුදල් අමාත්‍යාංශය, රේගුව වැනි රාජ්‍ය ආයතන කිහිපයක සේවය කළ අතර, මෙම තනතුරට පත්වීමට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටි බවයි දැක්වෙන්නේ.








