බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ ප්‍රසංග සේරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බරවා රෝගීන් රාත්‍රී කාලයේ දී අදාළ ප්‍රජාව තුළ සිදු කරන විශේෂ රුධිර පටල පරීක්ෂාවන් මඟින් හඳුනා ගන්නා බවත්, මේ වසරේදි රෝගීන් 27 ක් හඳුනාගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් යම් වැරදි මතයක් සමාජයේ නිර්මාණය වී ඇති බවත්, “රාත්‍රී කාලයේ ලේ ගන්න කණ්ඩායම් එනවා, ඒ අයට ලේ දෙන්න එපා, අල්ලලා ගහලා බැඳලා පොලිසියට භාර දෙන්න” ආදී වශයෙන් පැතිර යන පුවත් හේතුවෙන්, රාත්‍රි කාලයේදී කරන රුධිර පටල පරීක්ෂාවන් සමඟ විශාල බාධාවක් මතුව ඇති බවද අධ්යක්ෂවරයා සඳහන් කළා.
දිස්ත්‍රික්කවල සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය සහිතව ඒ සඳහා අනුමත නිලධාරීන් ඔවුන්ගේ නිල ඇඳුමින් සැරසී, රාජකාරි හැඳුනුම්පත සහිතව මෙම කටයුතු සඳහා පැමිණෙන බවත්, ඔවුන්ට සහයෝගය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි බරවා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ ප්‍රසංග සේරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








