වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් මහා මාර්ගයේ තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
ඊයේ (28) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසා සිටියා.








