රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (29) යළි කැඳවීමට නියමිත ව තිබෙනවා.

පසුගිය අගෝස්තු 22 වැනි දා මෙම නඩුවට අදාළ ව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව ඔහුගේ අසනීප තත්ත්වයන් සලකා බලා අගෝස්තු 27 වැනි දා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණා.

රජයේ මුදල් වැය කරමින් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත වූ බවත්, මෙහිදී රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතාවක් සිදු වී ඇති බවට පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.