පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් අද (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
2008 වර්ෂයට අදාළව, ඔහුට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.








