පොලි­ස්ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශ‍යෙන් මන්ත්‍රී ජගත්ගේ වර­ප්‍ර­සාද උල්ලං­ඝ­නය වෙලා

පොලි­ස්ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශය නිසා ජගත් විතාන මහ­තාගේ පුර­වැසි වර­ප්‍ර­සාද සේම මන්ත්‍රී වර­ප්‍ර­සා­දත් උල්ලං­ඝ­නය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා මේ බව ඊයේ (28) කියා සිටි­යේය. වර්ත­මා­නයේ පොලී­සියේ සම­හර ක්‍රියා­කා­ර­කම් දැඩි දේශ­පා­ල­නී­ක­ර­ණ­ය­කට ලක්ව ඇති බවත් සම­හර විම­ර්ශන දේශ­පා­ලන හා මාධ්‍ය සංද­ර්ශන බවට පත් කර ඇති බවත් පොලි­ස්ප­ති­ව­රයා ආණ්ඩුවේ ප්‍රචා­රක යන්ත්‍ර­ණයේ පාර්ශ්ව­ක­රු­වකු වී ඇති බවට පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සම්බ­න්ධ­යෙන් සිදු කළ අද­හ­ස්ව­ලින් පැහැ­දිලි වන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

මහ­ජන නියෝ­ජි­ත­යකු ලෙස ජගත් විතාන මහ­තාට පාර්ලි­මේ­න්තුව තුළ සහ ඉන් පිටත තම සේවාව ඉටු­කි­රීම මේ ප්‍රකාශ නිසා දැඩි අභි­යෝ­ග­යට ලක්ව ඇති බවත් ජගත් විතාන මහ­තාගේ පුර­වැසි වර­ප්‍ර­සාද, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස වර­ප්‍ර­සාද පොලි­ස්ප­ති­ව­ර­යාගේ වැරදි ප්‍රකාශ නිසා උල්ලං­ඝ­නය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. මේ අව­ස්ථාවේ ජීවිත තර්ජන ඇති ජගත් විතාන මහතා එම තර්ජන සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ලි­කරු ලෙස කට­යුතු කිරී­මේදී අප­රා­ධ­ක­රු­වකු ලෙස හැඳි­න්වීම තරයේ ප්‍රති­ක්ෂේප කර හෙළා දකින බවත් ආර­ක්ෂාව ලබා දීම දේශ­පා­ල­නී­ක­ර­ණය වී ද නැත්නම් ආර­ක්ෂාව ලබා දීමේ භාර­ධුර වග­කීම දේශ­පා­ල­න­ඥ­යන් සිය­තට ගෙන ඇත් ද කියා ප්‍රශ්න කරන බවත් ජගත් විතාන මහ­තාගේ ආර­ක්ෂාව ගැන දැඩි අව­ධා­න­යෙන් සිටින බවත් රජය, පොලි­ස්ප­ති­ව­රයා ප්‍රමුඛ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ඇමැ­ති­ව­රයා ප්‍රමුඛ සියලු දෙනා ජගත් විතාන මහ­තාගේ ආර­ක්ෂාව තහ­වුරු කර ජීවි­තය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

රක්ෂණ ශ්‍රියන්ත