පළාත් සභා ඡන්දයට රුපියල් බිලියන 10 ක ඇස්තමේන්තුවක් මුදල් අමාත්‍යාංශයෙන් අනුමත කර තිබෙනවා – මැතිවරණ කොමිසම

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැය වන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්තමේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා රුපියල් බිලියන 10 ක වැය ඇස්තමේන්තුවක් මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් දැනට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලැබුණු පසු මැතිවරණය පැවැත්විය හැකි බවද, ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ දී සම්මත විය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.