ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව, ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කර යවමින් විනය පරීක්ෂණයක් සිදු කරන ලෙසයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ.
එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








