විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන “ජනාධිපති මාධ්‍ය සම්මාන -2025” උලෙළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී නොවැම්බර් 11 සවස 3.00ට පැවැත්වේ. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උලෙළේ අරමුණ වන අතර රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, වෙබ්, මාධ්‍ය පර්යේෂණ හා පාසල් මාධ්‍ය ඒකක සඳහා ද සම්මාන පිරිනැමීම මෙහි දී සිදු කෙරේ.
මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කරන ලද ප්‍රාමාණික මෙහෙවර අගය කරමින් දිවියේ එක් වරක් පමණක් පිදෙන “මාධ්‍යාභිමානී” සම්මාන හා මුදල් ත්‍යාග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හය දෙනකු සඳහා පිරිනැමීමට ද නියමිතය.
චමීර ඇල්ලදෙණිය








