ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත නීතිඥවරියක් අත්අඩංගුවට

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විසින් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, පිස්තෝලය සැඟවීම සඳහා ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදුන් නීතිඥවරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සැකකාර නීතිඥවරිය කඩවත ප්‍රදේශයේ දී ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.