අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලබා, බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ, බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් වන නාමලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව, මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන්, තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන, එම ලිපිය මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර, අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images