ව්‍යාජ පිස්තෝලයක් සමඟ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයා ගෙන ඇති අතර, පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට හෙළි වී ඇත්තේ ඇය නැගෙනහිර, නොටෙල්පිටිය, තංගල්ල ප්‍රදේශයේ පදිංචි දීපිකා මුදලි හේරත් නොහොත් ‘ලක්ෂ්මි’ නැමැති තැනැත්තියක් බවයි.
ඇය අධිකරණයට පැමිණියේ රථවාහන නඩුවක් සඳහා බවට ඇය පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අතර, කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් විසින් ඇයගේ හැඳුනුම්පත් අංකය භාවිතා කර නඩු පොත පරීක්ෂා කිරීමේදී එවැනි නඩුවක් නොතිබීම හේතුවෙන්, ඇය අසත්‍යයක් පවසන බවට නිලධාරීන්ට සැක මතුව තිබෙනවා.
පසුව මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලිසියට භාර දී ඇති අතර, ඇය ළඟ තිබී සොයාගත් පිස්තෝලය ව්‍යාජ පිස්තෝලයක් බවට එහිදී හඳුනාගෙන තිබෙනවා.
අදාළ කාන්තාව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නොවැම්බර් 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.








