මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 41,192ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ‘දිනමිණ‘ට ඊයේ (27) පැවසුවාය. ඔක්තෝබර් මාසයේ පෙරේදා (26) දක්වා ඩෙංගු ආසාදිතයන් 2176ක් වාර්තා වූ බවත් සැප්තැම්බර් මාසය තුළ දී ආසාදිතයන් 2401ක් වාර්තා වූ බවත් ඇය ප්‍රකාශ කළාය. මේ මස 06 වැනිදා සිට 12 වැනිදා දක්වා සතිය තුළදී ආසාදිතයන් 510ක් ද, 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ආසාදිතයන් 655ක් ද වාර්තා වී තිබේ.
මේ වසරේ ආරම්භයේ සිට ඩෙංගු මරණ 22ක් වාර්තා වී ඇති අතර මේ දිනයන්හි පවතින වැසි සහිත කාලගුණය නිසා ඩෙංගු ආසාදිතයන් වාර්තා වීමේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඒ මහත්මිය පැවසුවාය.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය, මඩකළපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක 11 තුළ ඩෙංගු ආසාදිතයන් වැඩිපුර වාර්තා වීමක් සිදු වන බව ද ඇය ප්‍රකාශ කළාය.
කිසියම් අයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු උණ බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ප්‍රතිකාර සඳහා යොමු විය යුතු යැයි ද ඒ මහත්මිය පැවසුවාය.
තමා ජීවත් වන අවට පරිසරය තුළ මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසුදුව පවත්වා ගැනීමෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම කරගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
සන්ධ්‍යා කරුණාරත්න








