මාස 10ට ඩෙංගු ආසා­දි­තයෝ 41,192ක්

මේ වසරේ ආර­ම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසා­දි­ත­යන් 41,192ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය ප්‍රශිලා සම­ර­වීර මහ­ත්මිය ‘දින­මිණ‘ට ඊයේ (27) පැව­සු­වාය. ඔක්තෝ­බර් මාසයේ පෙරේදා (26) දක්වා ඩෙංගු ආසා­දි­ත­යන් 2176ක් වාර්තා වූ බවත් සැප්තැ­ම්බර් මාසය තුළ දී ආසා­දි­ත­යන් 2401ක් වාර්තා වූ බවත් ඇය ප්‍රකාශ කළාය. මේ මස 06 වැනිදා සිට 12 වැනිදා දක්වා සතිය තුළදී ආසා­දි­ත­යන් 510ක් ද, 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ආසා­දි­ත­යන් 655ක් ද වාර්තා වී තිබේ.

මේ වසරේ ආර­ම්භයේ සිට ඩෙංගු මරණ 22ක් වාර්තා වී ඇති අතර මේ දින­යන්හි පව­තින වැසි සහිත කාල­ගු­ණය නිසා ඩෙංගු ආසා­දි­ත­යන් වාර්තා වීමේ සංඛ්‍යාව ඉහළ යාමේ අව­දා­න­මක් පව­තින බව ද ඒ මහ­ත්මිය පැව­සු­වාය.

කොළඹ, ගම්පහ, කළු­තර, ගාල්ල, මාතර, මහ­නු­වර, කුරු­ණෑ­ගල, කෑගල්ල, රත්න­පු­රය, මඩ­ක­ළ­පුව, යාප­නය යනාදී දිස්ත්‍රික්ක 11 තුළ ඩෙංගු ආසා­දි­ත­යන් වැඩි­පුර වාර්තා වීමක් සිදු වන බව ද ඇය ප්‍රකාශ කළාය.

කිසි­යම් අය­කුට දින දෙක­කට වඩා උණ රෝගය පව­තින්නේ නම් ඩෙංගු උණ බවට සැක කර සුදු­සු­කම් ලත් වෛද්‍ය­ව­ර­යෙක් වෙත ප්‍රති­කාර සඳහා යොමු විය යුතු යැයි ද ඒ මහ­ත්මිය පැව­සු­වාය.

තමා ජීවත් වන අවට පරි­ස­රය තුළ මදු­රු­වන්ට බෝ විය නොහැකි ලෙස පිරිසු­දුව පවත්වා ගැනී­මෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම කරගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒක­කය සඳ­හන් කරයි.

සන්ධ්‍යා කරු­ණා­රත්න