පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.
එම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් උසස් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් සකස් කළ වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.
මෙහිදී පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය මෙන්ම වැටුප් ව්‍යුහය ද වෙනස් කළ යුතු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර, තනතුරු උසස්වීම්, වැටුප් වර්ධක ගෙවීම්, පුරප්පාඩු පිරවීම් මෙන්ම නව බඳවා ගැනීම් සිදු කරන ලෙසට එම පත් කළ කමිටුව විසින් කථානායකට යෝජනා කර තිබෙනවා.
එමෙන්ම, මෙම වාර්තාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ද භාර දී ඇති අතර, ඊට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








