ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය අප්‍රේල් 05 වැනිදා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණා.
ඒ යටතේ, නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33 ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83 ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එම අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත එක් එක් ව්‍යාපෘතියට අදාළව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර වෙන් වෙන් වශයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතුව තිබෙන බවද සඳහන්.
ඒ අනුව, ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති 33 ට අදාළ වන අවබෝධතා ගිවිසුම් 33 ට, ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.









