ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට‍

ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඊයේ (27) පස්වරුවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 106 ක්ද සොයාගෙන ඇති අතර අවුරුදු 44 ක යුද හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා අවුරුදු 40 සහ 30 යන වයස්වල මත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩික්කරු ලෙස සැක කෙරෙන පුද්ගලයා ඩුබායි හි සංවිධාන අපරාධකරුවෙකු යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.