2025 සංචාරක පැමිණීම් ලක්ෂ 18.5 කට ආසන්න වෙයි

2025 ඔක්තෝබර් මාසයේ පළමු දින 23 තුළ 119,670 ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,845,164 ක් ලෙස වාර්තා වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යන රටවලින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අදාළ වාර්තාව පහතින්.

 news images news images news images