විස මත්ද්‍රව්‍ය මර්ද­න­යට රටම එකට එක්විය යුතුයි

විස මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් වෙනු­වෙන් රටම එකට එක් විය යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

විස මත්ද්‍රව්‍ය මුලි­නු­පුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙ­යුම’ පිළි­බඳ මාධ්‍ය ආය­තන ප්‍රධා­නීන් දැනු­ම්වත් කිරීම වෙනු­වෙන් පසු­ගි­යදා (23) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති හමු­වට එක්වෙමින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව කීවේය.

දේශ­පා­ලන සහ ආර්ථික කරුණු සම්බ­න්ධ­යෙන් විවාද මතු කර ගත­හැකි නමුත් විස මත්ද්‍රව්‍ය උව­දුර රටින් තුරන් කර දැමීමේ ජාතික වග­කීම ඉටු කිරීමේ දී තව­දු­ර­ටත් කිසිදු විවා­ද­ය­කට ඉඩක් නොමැති බවත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහි දී අව­ධා­ර­ණය කළේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙසේ ද කීවේය.

“මෙම ජාතික කර්ත­ව්‍යය සඳහා සියලු මාධ්‍යයේ දාය­ක­ත්වය අපේක්ෂා කර­නවා.

විස මත්ද්‍රව්‍ය ජාවා­රම සහ ඒ හා බැඳුණු අප­රාධ කල්ලි­වල මූල්‍ය බලය විසින් ආර්ථි­කය, සමාජ දේහය, රාජ්‍ය යන්ත්‍ර­ණය සහ නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය පවා බිඳ වට්ට­මින් රටත්, සමා­ජ­යත් විනාශ කර තිබෙ­නවා. මෙම උව­දු­රට තව­දු­ර­ටත් ඉඩ නොතැ­බී­මට වත්මන් රජය තීර­ණය කර තිබෙ­නවා. ඒ වෙනු­වෙන් සිය­ලු­දෙ­නාගේ දාය­ක­ත්වය අපේක්ෂා කර­නවා.

එමෙන්ම පසු­ගිය සමයේ දේශ­පා­ලන රශ්මි කද­ම්භය තුළ නිදැල්ලේ වර්ධ­නය වූ මෙම අප­රාධ අද රටත් සමා­ජ­යත් දැඩිව වෙළා­ගෙන තිබෙ­නවා. ඊට පොලී­සිය, රේගුව, මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රජයේ වග­කි­ව­යුතු ආය­ත­න­ව­ලින් සහාය ලැබී තිබෙ­නවා.

නැවත එවැනි තත්ත්ව­ය­කට ඉඩ නොතබා අනා­ගත දරු පර­පුර වෙනු­වෙන් මෙම ජාතික ව්‍යස­නය පරා­ජය කිරී­මට සියලු දෙනා වෙත අත්හළ නොහැකි වග­කී­මක් පැවැරී තිබෙ­නවා”.

එම ජාතික අර­මුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙ­යුම’ ක්‍රියා­ත්මක කෙරෙන අතර, පුළුල් ප්‍රචා­රක ක්‍රියා­ව­ලි­යක් ඔස්සේ විස මත්ද්‍රව්‍ය උව­දුර සම්බ­න්ධ­යෙන් සමා­ජය දැනු­ම්වත් කිරීම එහි ප්‍රධාන වැඩ­පි­ළි­වෙ­ළක් ලෙස ක්‍රියා­ත්මක කෙරේ. එම ප්‍රචා­රක වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී විදත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් ලබා­ගත හැකි දාය­ක­ත්වය පිළි­බඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මේ වන විට ජාතික ව්‍යස­න­යක් බවට පත්ව තරුණ ප්‍රජා­වගේ මෙන්ම පාසල් දරු­වන්ගේ ජීවිත අව­දා­න­මට ලක් කර ඇති විස මත්ද්‍රව්‍ය ජාවා­රම කේන්ද්‍ර කර ගනි­මින් බොහෝ අප­රාධ සිදු වන බවට ද නිරී­ක්ෂ­ණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශ­පා­ලන නාය­ක­ත්වය, කාර්ය­ක්ෂම තීරණ ගැනීමේ යන්ත්‍ර­ණ­යක් මෙන්ම පුළුල් මහ­ජන සහ­භා­ගි­ත්ව­යක් සහි­තව ජාතික මට්ටමේ වැඩ­ස­ට­හ­නක් ඔස්සේ එකී විස මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමිය යුතු බව හඳු­නා­ගෙන ඇත.

මෙම අව­ස්ථාව සඳහා සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහ­ත්වරු ද, රාජ්‍ය සහ පෞද්ග­ලික විදත් සහ මුද්‍රිත මාධ්‍ය ආය­තන ප්‍රධා­නීහු සහ නියෝ­ජි­තයෝ, විනෝ­දා­ස්වාද කර්මා­න්ත­යට අදාළ ආය­තන ප්‍රධා­නීහු ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න