වැලිගම ප්‍රදේශීය සභා සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත.
වැලිගම සභාපති ඝාතනයට සම්බන්ධ මූලික විමර්ශන ජෙෂ්‍ය්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත මගින් සිදුකල අතර ඉදිරි විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකරනු ඇත.
වැලිගම සභාපති ඝාතනය පිළිබඳ විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණ දෙණ නිළධාරි පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාශය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශ මගින් ඒකාබද්ධව එම කටයුතු සිදුකරයි.








