‘රටම එකට’ සමා­ර­ම්භය ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන් 30දා

විස මත් ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙ­යුමේ සමා­ර­ම්භය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී ලබන 30 වැනිදා ආරම්භ කෙරේ. රට තුළ මත්ද්‍රව්‍ය හා පාතා­ලය මැඬ­පැ­වැ­ත්වී­මට ඒකා­බද්ධ මෙහෙ­යු­මක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවා­ර­ණ­යට වෙන­මම කාර්යාං­ශ­යක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමි­ණීම වැළැ­ක්වී­මට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහ­සු­කම් වර්ධ­නය කිරීම, නවීන උප­ක­රණ දීම සහ නිල­ධා­රීන් පුහුණු කිරීම මේ යටතේ සැල­සුම් කර ඇත. මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් පුන­රු­ත්ථා­ප­නය කිරීමේ වැඩ­ස­ට­හන් විධි­මත් කර මත්ද්‍රව්‍ය භාවි­ත­යෙන් ඔවුන් මුදා­ගැ­නී­මට, මත්ද්‍රව්‍ය වැර­දි­ව­ලට දඬු­වම් දැඩි කිරී­මට සහ පාසල් දරු­වන් දැනු­ම්වත් කිරී­මට අඛණ්ඩ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට රජය විසින් පිය­වර ගෙන තිබේ.

චමීර ඇල්ල­දෙ­ණිය, උපාලි කරු­ණා­රත්න