ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලිසිය ලබා දුන් ආරක්ෂාව ගැන පොලිස්පතිවරයා විසින් මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමගි ජන බලවේගයේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත්, ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවටත් කරනු ලබන ප්‍රකාශය තුළ, මන්ත්‍රීවරයාට වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලික ව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟෙන බවත්, එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවයි අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.

එසේ නොමැතිව එය වක්‍රෝක්තියෙන් ප්‍රකාශ කිරීම තුළින්, මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙළා දකින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images