අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතුය. – නීතිඥ සාලිය පීරිස්

අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතුය. සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නය කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබා දීම සහ එම ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් නැත. එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ ප්‍රිද්මයට හානි වේ. එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිලිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එයි. – සාලිය පීරිස්, නීතිඥ සංගමයේ හිටපු සභාපති.

තම මුහුණු පොතේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ දන්වා ඇත.