දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දිට රටින් පළා යෑමට සහාය දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආනන්දන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔහු කලක සිට උතුරේ කේරළ ගංජා ජාවාරමේ නිරතව ඇති බවට මේ වන විට කරුණු වාර්තා වන බවයි.
ඒ අනුව ඔහුගෙන් ලැබුණු තොරතුරු මත ඔහුගේ ගෝලයෙකු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 10කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම්ගේ මූලිකත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායම සමත්වුණා.
පොලිසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.








