වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් ගාල්ලේ වංගුව ප්රදේශයේ දී ත්රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේ දී ත්රිරෝද රථ දෙකෙහි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සිව්දෙනාම අනතුරින් බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්රතිකාර සදහා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
තුවාල ලැබුවන් අතර ගැබිනි මවක් ද සිටින අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්රදේශ වල පදිංචි පුද්ගලයන් බවද පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.








