රත්මලාන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹා ගොස් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, අදාළ වෑන් රථය ඊයේ (25) සවස 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබිය දී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවත්වන ලෙස දැනුම් දී ඇති අතර, නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබෙනවා.
එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලිසිය වෙඩි තබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇති අතර, කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලා යාමට උත්සාහ දරා තිබෙනවා.
ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදු වී ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන් රථ සේවාව මඟින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, 30 හැවිරිදි සැකකරු මත්පැන් පානය කර සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරනවා.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, අදාළ රියදුරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙක් බවයි.








