බඹරු තිදරු පියාගේ ජීවිතය අරගෙන යති

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ තෘණ කැපීමට ගිය වතුකම්කරුවකු බඹර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (26) දිහවල් 1ට පමණ එල්ල වූ බඹර ප්‍රහාරය හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒසේ බඹර ප්‍රහාරයෙන් මීය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ කරුපන් ගුණ්ඩු නමැති 69 හැවිරිදි තිදරු පියෙක්.

නිවසේ ඇති කරන එළදෙනුන්ට තෘණ කැපීම සඳහා ගොස් සිටියදී ඒ අසල විශාල ගසක බැද තිබූ බඹර කූඩුවක වද කඩා ගැනීමට උකුස්සකු කළ පහර දීම නිසා ඇවිස්සුණු බඹරුන් එම පුද්ගලයාට පහර දී ඇති බවයි අනාවරණය වන්නේ.

බඹර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර ඥාතීන් සහ එම වතුයායේ වතු කම්කරුවන් එක්ව බගවන්තලාව ප්‍රදේශීය රෝහල වෙත භාර දී තිබෙනවා.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව ද බගවන්තලාව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.