කට්ටුවන්විල – වෙලිකන්ද ප්රධාන මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේ ප්රදේශවාසීන් එම ස්ථානයට පැමිණ වෑන් රථය තුළ සිරවී සිටි අය බේරගෙන වෙලිකන්ද රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රියදුරු ලෙස කටයුතු කළ වෑන් රථයේ හිමිකරු බව සඳහන් වේ.
අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙලිකන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.








