පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර විසින් තමාට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා පසුගිය සැප්තැම්බර් 06 වැනිදා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණු බව පොලිස් මූලස්ථානය පවසනවා.
එම ලිපියට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 12 වැනිදා එය යොමුකර තිබුණු බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ඊට අදාළව, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම ලිපිය, මාතර – හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවත්, පසුව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හා මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබුණු බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.








