සහල් සම්බන්ධයෙන් 3% ක පමණ හිඟයක් මතුවී ඇති බවත්, ඊට විකල්පයක් ලෙස සහල් යම් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
සහල් ආනයනය මේ අවස්ථාවේ සිදුකළ යුතුව ඇති බවත්, මේ මොහොතේ ගොවියා ළඟ වී නොමැති නිසා මෙයින් ගොවියාට බලපෑමක් සිදු නොවන බවයි ඔහු පවසා සිටියේ.
කීරි සම්බා පරිභෝජනය කරන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවද, නමුත් ඒ හේතුවෙන් ගොවීන්ට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොදෙන බවද, ගොවියාගේ වී වලට අදාල මිල ඒ අයුරින්ම ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
නාඩු සහ සම්බා සහල්වල කිසිදු හිඟයක් නොමැති බවත්, ඒවා අවශ්‍ය ප්‍රමාණය ද ඉක්මවා නිෂ්පාදනයක් ඇති බවත් ඔහු පවසා සිටියා.
රජයේ ඉලක්කය වන්නේ පිටරටින් සහල් ආනයනය කිරීම නැවැත්වීම බවත්, අනිවාර්යයෙන්ම එම ඉලක්කයට කරා යන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.








