ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින්, බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය හෙට (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ඔක්තෝබර් 27 වැනි සඳුදා දිනය වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටින්නේ.
පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 28 වැනිදා දක්වා පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.








