මිනුවන්ගොඩ ප්‍රදේශයේදී T-56 පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී T-56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (24 ) සවස ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී T-56 ජීව පතරොම් 08 ක් හා පුහුණු පතරොම් 15 ක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරු වයස අවුරුදු 53 ක් වන මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.