තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින මියගොස් ඇත.
මියයන විට ඇය 93 වන වියේදී පසු වූ අතර මියයාමට හේතුව රුධිර ආසාදනයක් බව වාර්තා වේ.
සිරිකිත් රැජින 2016 දී මියගිය තායිලන්තයේ දීර්ඝතම රජකම් කළ රජ භූමිබෝල් අදුල්යාදේජ් රජු සමඟ දශක හයකට වැඩි කාලයක් විවාහව සිටි අතර රැජින වෙනුවෙන් රාජකීය අවමංගල්‍යයක් සංවිධාන කරන ලෙස වජිරලොන්කෝන් රජු නියෝග කර තිබේ.
සිරිකිත් රජිනයේ වියෝව හේතුවෙන් තායි රාජකීය පවුලේ සාමාජිකයින් ද වසරක ශෝක කාලයක් පැවැත්වීමට සුදානම්ව ඇති අතර 1970 දශකයෙන් අනතුරුව සිරිකිත් රැජින කඳුකර ගෝත්‍රිකයන්ගේ ග්‍රාමීය දරිද්‍රතාවය සහ අබිං වලට ඇබ්බැහි වීම ඇතුළු ගැටළු විසඳීම සඳහා සංවර්ධන වැඩසටහන් අඩිය සකස් කරමින් වැදගත් සමාජ මෙහෙවරක් ද ඉටු කර ඇත.








