අප­න­ය­න­යෙන් ඩොලර් බිලි­යන 13ක් උප­යයි

ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය 2025 තුන් වැනි කාර්තුව වන විට ඩොලර් බිලි­යන 13කට ආසන්න ආදා­ය­මක් උපයා ඇතැයි අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේ­සිංහ මහතා පැව­සීය.

ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය 2025 ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා කාල පරි­ච්ඡේ­ද­යේදී ස්ථාව­ර­ත්වය සහ ක්‍රම­වත් වර්ධ­න­යක් දිග­ටම පෙන්නුම් කර­මින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 12,986.52ක සමස්ත ආදා­ය­මක් වාර්තා කරන ලදි. මෙය 2024 අදාළ කාලය හා සස­ඳන විට 7% වැඩි වීමක් බව ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමු­ව­කදී ඒ මහතා සඳ­හන් කළේය.

2025 සැප්තැ­ම්බර් මාස­යේදී පම­ණක් වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­යන සහ සේවා අප­න­යන යන දෙකම ඇතු­ළත් සමස්ත අප­න­යන අමෙ­රිකා එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 1,469.75ක් දක්වා ළඟා වී ඇත. එය 2024 සැප්තැ­ම්බර් මාස­යට සාපේ­ක්ෂව 12.33%ක වර්ධ­න­යකි. මෙම­ඟින් ශ්‍රී ලංකාවේ අප­න­යන අංශයේ ශක්තිය සහ වෙ‍ෙළ­ඳ­පොළ ප්‍රවේ­ශය පුළුල් කිරීම සහ ගෝලීය තර­ග­කා­රි­ත්වය වැඩි­දි­යුණු කිරී­මට ක්‍රියා­ත්මක කරන ලද උපා­ය­මා­ර්ග­වල ඵල­දා­යී­තාව පෙන්නුම් කරයි.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­ප­ති­ව­රයා,

Òඅප­න­යන ක්ෂේත්‍රයේ වර්ධ­නය මඟින් ගෝලීය වෙ‍ෙළ­ඳා­මට ශ්‍රී ලංකාව ගැඹු­රින් ඒකා­බද්ධ වීම සහ අප­න­යන තර­ග­කා­රි­ත්වය වැඩි­දි­යුණු කිරී­මට සහ වෙ‍ෙළ­ඳ­පොළ අවස්ථා විවි­ධාං­ගී­ක­ර­ණය කිරී­මට අප ගන්නා අඛණ්ඩ උත්සා­හ­යන්ගේ සාර්ථ­ක­ත්වය පිළි­බිඹු කර­නවා. ගෝලීය අභි­යෝග හමුවේ අපගේ අප­න­ය­න­ක­රු­වන් නැවත වරක් කැපී­පෙ­නෙන ස්ථාව­ර­ත්වය පෙන්නුම් කර තිබෙ­නවා.

2025 සැප්තැ­ම්බර් වන විට සමස්ත අප­න­යන ආදා­යම එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 13ට ළගා­වීම අපගේ අප­න­යන ප්‍රජා­වගේ ශක්තිය සහ අධි­ෂ්ඨා­නය සනාථ කරන සාක්ෂි­යක්. තුන් වැනි කාර්තුව අව­සන් වන විට අපගේ වාර්ෂික අප­න­යන ඉල­ක්ක­යෙන් 72%කට වඩා දැන­ට­මත් අත්පත් කර­ගෙන ඇති නිසා අඛණ්ඩ සහ­යෝ­ගී­තාව සහ උපා­ය­මා­ර්ගික ක්‍රියා­මාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අප­න­යන ඉල­ක්ක­යට සාර්ථ­කව ළඟා වන බවට අපි විශ්වා­ස­යෙන් සිටි­නවා.Ó

මැණික් ස්වර්ණා­භ­රණ සහ ඛනිජ තෙල් නිෂ්පා­දන සඳහා ඇස්ත­මේන්තු ආදා­යම ඇතු­ළුව ශ්‍රී ලංකා රේගු දෙපා­ර්ත­මේ­න්තුවේ තාව­කා­ලික දත්ත­ව­ලට අනුව 2025 සැප්තැ­ම්බර් මාස­යේදී පම­ණක් වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­යන පෙර වසරේ එම කාල­සී­මා­වට සාපේ­ක්ෂව15.02%ක වර්ධ­න­යක් ලබා එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 1,163.66ක් දක්වා ළඟා වී ඇතැයි අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ නව­තම වාර්තා පෙන්වා දී තිබේ.

2025 ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා කාල පරි­ච්ඡේ­දය සඳහා වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­යන එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 10,240.52ක් වූ අතර එය 2024 එම කාල පරි­ච්ඡේ­ද­යට සාපේ­ක්ෂව 7.59%ක වැඩි­වී­මකි.

මේ අතර, සේවා අප­න­යන සමස්ත අප­න­යන වර්ධ­නයේ ප්‍රධාන බල­වේ­ග­යක් ලෙස මතු වී ඇත. 2025 සැප්තැ­ම්බර් මාස­යේදී, සේවා අප­න­යන මඟින් ලැබෙන ආදා­යම එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 306.09ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇත. වසරේ පළමු කාර්තු තුන පුරා සේවා අප­න­යන 4.48%ක වැඩි­වී­මක් ලබා ඇතැයි ඇස්ත­මේන්තු කර ඇති අතර එය එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 2,746.03ක් වේ.

තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියා­වලි කළ­ම­නා­ක­රණ (BPM), ඉදි­කි­රීම්, මූල්‍ය සේවා සහ ප්‍රවා­හන හා සැප­යුම් යන අංශ­ය­න්ගෙන් සම­න්විත සේවා අප­න­යන අංශය, ශ්‍රී ලංකාවේ අප­න­යන ක්ෂේත්‍ර‍ය විවි­ධාං­ගී­ක­ර­ණය කර­මින් දිව­යින පුරා ඉහළ වටි­නා­ක­මක් ඇති රැකියා අවස්ථා නිර්මා­ණය කිරීම අඛ­ණ්ඩව සිදු කරයි.

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ