වරායේ රැකියාවක් ලබා දීමට අල්ලස් ගත් චෝදනාවට දෙදෙනෙක් අත්අඩංගුවට

ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන රුප්පේ ගෙදර මදුෂ දිලිපන ජයසූරිය සහ නිවාස ඉදි කිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු වූ ඉන්දික බණ්ඩාර විජේසුන්දර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්.

රජයේ රැකියාවක් ලබාදීම උදෙසා එනම්, වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබා දීමට අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අවශ්‍ය බවත් ඒ සඳහා පළමුව රුපියල් ලක්ෂ 2.5 ක් ලබා දෙන ලෙසටත් ඉතිරි මුදල් රැකියාව ලැබුණු පසු ලබා දෙන ලෙසත් පවසා අල්ලස් ලෙස රු.245,000ක (රුපියල් දෙලක්ෂ හතළිස් පන්දහසක) මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.