රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (24) රේගුවට නියෝග කර තිබෙනවා.

රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම, වාහනවල ගැණුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ හේතුවෙන් මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත්, ඒ සඳහා සහාය ලබාදෙන ලෙස පෙත්සම්කර පාර්ශවයට විනිසුරුවරයා දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

රේගුව විසින් විසින් රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.