හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී කණ්ඩායම අතර රැස්වීමක් පසුගියදා පැවැත්වුණා.
මෙහිදී ගම්පහ දේශපාලනය පිළිබඳව ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීම විශේෂත්වයක්.
මෙහිදී රනිල් ගම්පහ දේශපාලනයේ හැසිරෙන ආකාරය ගැන ගැඹුරු විශ්ලේෂණයක යෙදුණා.
අතීතයේ බියගම ගමේ දේශපාලනයේ නිරත වූ රනිල් වර්තමානයේ සිදුව ඇති වෙනස ගැන ඉවකින් මෙන් යම් දෙයක් වටහාගෙන සිටියා.
” සමහර ඡන්දවලදී තමන්ට ජනතාව ඡන්දය නොදුන්නේ ඇයි? ” යන ප්‍රශ්නය එහිදී රනිල් මන්ත්‍රී කණ්ඩායමෙන් විමසන ලද අතර ඊට බොහෝ දෙනෙක් සපයන ලද මෙන්ම සංක්ෂිප්ත පිළිතුර වූයේ “
රනිල් හැමදාම දශකයක් ඉදිරියෙන් සිතන විට ප්‍රජාව දශකයක් පසුපසින් සිට කල්පනාව මෙහෙයවා ඇති බවයි.
ඒ නිසා හැම විටම රනිල්ගේ සහ ප්‍රජාවගේ මතය එකට පෑහී නොගිය අවස්ථා නිර්මාණය වූ බව බොහෝ දෙනෙකුගෙන් ඉදිරිපත් වූ මතය වුණා.
උදාහරණයක් ලෙස රනිල් කම්පියුටර් යුගය ගැන සිතන විට ජනතාව පොල් අතු,ලණු පැදුරු විවීම ආදිය ගැන සිතන යුගයක ජීවත්වීම ගැන සිතා ඇතැයි බොහෝ දෙනකුගේ මතය වුණා.
අසූව දශකයේදී රනිල් සිතු අධ්‍යාපන ක්‍රමයට එදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බොහෝ පක්ෂ අකුල් හෙලූ හැටිත් අද 2025 වසරේදී ඒ අධ්‍යාපන ක්‍රමය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔසවාගෙන යන්නට හදන හැටිත් උපහැරණ ඇතිව මන්ත්‍රීවරුන් ගෙනහැර දැක්වූවා.
රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක ගම්පහ දේශපාලකයින් අසාර්ථක වන්නට හේතු වූ කරුණු ගෙනහැර දැක්වූයේ ඔහු ලද අත්දැකීම් ඇසුරින්.
” සර් එදා බියගම දේශපාලනය කරපු විදියක් තියෙනවානේ.එදා සර් බියගම මිනිසුන්ගේ ගෙයක් ගානේ ඇවිද්දනේ.
සර්ගෙන් පස්සේ ඒ ප්‍රදේශවලට ආපු දේශපාලකයන්ගෙනුත් මිනිස්සු ඵ් දේ බලාපොරොත්තු වුණා සර්, ඒත් ඒ දේශපාලකයින්ට ඉල්ලුමට සැපයුම දීගන්න බැරි වුණා.
ඒ කතාවට මඳක් කල්පනාකාරී වූ රනිල් පැවසූයේ තමාගෙන් පසුව පැමිණි සුරනිමල රාජපක්ෂ තමා ගිය මාවතේ බොහෝ සාර්ථකව ගමන් කිරීමට කටයුතු කළ බවයි








