තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත.
එම නිවේදනය අද (24) උදෑසන 10ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.
ඒ අනුව කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
අද (24) දින පෙ.ව. 5.30 වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත.
එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ, තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන්ත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු, අකෂාංශ 05 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.
මේ වනවිට එම ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකරමින් සිටී නම් ඔක්තෝබර් 25 වන දිනට පෙර එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් උපදෙස් ලබාදී ඇත.
ඉහත සිතියමේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55








