පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ මෙරට මූල්‍ය සහ ලීසිං සමාගම්වල ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති බව ෆිච් රේටින්ස් ආයතනය පවසනවා.
මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් බවින් පැවතීම, උද්ධමනය මධ්‍යස්ථ මට්ටමක පැවතීම සහ පොලී අනුපාත අඩුවීම මෙම තත්ත්වයට හේතුව බවයි ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
එසේම රටේ විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයන සීමාවන් තවදුරටත් ලිහිල් කිරීම මෙරට මූල්‍ය සහ ලීසිං සමාගම්වල ක්‍රියාකාරිත්වය ඉහළ යාමට සහාය වනු ඇති බව ෆිච් රේටින්ස් ආයතනය ප්‍රකාශ කළා.