බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්රධාන මාර්ගයට ප්රවේශ වීමට ගිය යතුරුපැදියක් බස් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 17 ක් වූ යටියන, බණ්ඩාරගම ප්රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් වන අතර, මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.