අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබාගන්නා ප්රධාන පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවීම නිසා, අඹතලේ ජල පවිත්රාගාරය මගින් සැපයෙන ජලය අද (23) අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මේ හේතුවෙන්, අද (23) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10 ක කාලයක් සඳහා පහත ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
<em>කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශ, බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව