ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල (EPF), මෙම වසරේ පළමු අර්ධය අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු කරන ලද සිය සමස්ත ආයෝජනවලින් රුපියල් බිලියන 73.97ක ඉටු නොවූ ලාභයක් (unrealised profit) වාර්තා කර තිබෙන බව නිල වාර්තා පෙන්වා දෙනවා.
කොටස් වෙළෙඳපොළේ අරමුදලෙහි සමස්ත ආයෝජන වටිනාකමෙන් සියයට 86.13ක් මෙම ලාභය නියෝජනය කරනු ලබනවා.
අරමුදල ලැයිස්තුගත සමාගම් 64ක් හරහා රුපියල් බිලියන 85.88ක් ආයෝජනය කර ඇති අතර, ජුනි 30 වන විට මෙම ආයෝජනවල මුළු වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 159.85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෙළෙඳපොල යථා තත්ත්වයට පත්වීමත් සමග අරමුදලෙහි ප්‍රබල කාර්ය සාධනය අවධාරණය කරමින්, EPF කොටස් හිමි සමාගම් කිහිපයකින් ලැබුණු ඉටු නොවූ ලාභය රුපියල් බිලියන 1 ඉක්මවා ඇති බවට සඳහන්.