ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

රුසියාවට එරෙහිව අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, මෙම නව සම්බාධක බලපෑමෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 5කින් (5%) ඉහළ ගොස් ඇති අතර, එහි වටිනාකම මේ වන විට අමෙරිකානු ඩොලර් 65.77ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුසියාව, සෞදි අරාබියට පසු ලොව දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වන බැවින්, අමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් එල්ල කරන ලද නව සම්බාධක හේතුවෙන් රුසියානු තෙල් සැපයුම සීමා වීම පිළිබඳව වෙළඳපොළ තුළ ඇති වූ අවිනිශ්චිතතාව මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.