සිදු කරන කැඳවීම් අනුව පැමිණ පරීක්ෂණවලට සහයෝගය ලබා දෙන්නේ වැරැද්දක් සිදු කර නොමැති නිසා බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
පරීක්ෂණ සිදු කරන නිලධාරීන්, තමන්, තමන්ගේ පවුලේ සාමාජිකයන්, නෑදෑයන් හා ආශ්‍රය කරන සියලු දෙනා පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවත්, එලෙස සිදු කිරීමෙන් තමන්ව ආශ්‍රය කිරීමට ද මිනිසුන් බිය වනු ඇති බවයි අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කාලය, නිලධාරීන්ට වැටුප් ගෙවීමට ධනය හා වාහන ආදී සෑම දෙයක්ම වැයවන බවත්, මෙලෙස මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හා දේශපාලන පළිගැනීම් වෙනුවෙන් සිදු කරන රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධයෙන් අනාගතයේ දිනයක ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
රට ගෙන යෑමට නොහැකිවීම හේතුවෙන් කවුරුන් හෝ අත්අඩංගුවට ගනිමින් ඒවායෙන් පමණක් පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරන විට, බංකු රැගෙන පැමිණෙන ලෙස සඳහන් කළ පිරිස් බලයේ සිටියදීම පළමු වතාවට ප්‍රාදේශීය සභාවක් තුළදී සභාපතිවරයෙක් ඝාතනයට ලක්වී ඇති බවයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.