ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
එළැඹෙන විස්සයි විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග මෙරට ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වීමට නියමිතව ඇති බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව ලෝක කුසලානයට සත්කාරකත්වය දරන සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව වනවිට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.