පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා පාවහන් වවුචර්පත් ලබාදීමට කැබිනට් අනුමැතිය

2026 වර්ෂය සඳහා, තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබාගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම වවුචර්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා සකස් කරනු ලැබ ඇති, තිළිණපත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, එම වැඩසටහන යටතේ පහත සඳහන් පරිදි සිසුන් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

* සමස්ත දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250 ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් – 644,000

* ශිෂ්‍ය සංඛ්‍යාව 251-500 දක්වා වන වතු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් – 53,093

* විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30 ක සිසුන් – 2,300

* පිරිවෙන්වල තෝරාගත් ගිහි / පැවිදි සිසුන් – 30,000

 news images