ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග මෙන්ම පෞද්ගලික දත්ත ආරක්ෂණ, සංශෝධන පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එමෙන්ම මේ මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලුම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී අද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දුන්නා.
මේ අතර නීතීඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනා ගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.