පාර්ලිමේන්තුව අද (22) දිනයේදී ද රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, අනතුරුව පෙ.ව. 11.00 – පෙ.ව. 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2451/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය සහ (52 අධිකාරය වූ) සුරා බදු ආඥා පනත යටතේ වූ රීති විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.