ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ, නිකුත් කර තිබුණු නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ (ඇම්බර්) නිවේදනයක් හා විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන (කහ) අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනයක් මෙලෙස නිකුත් කර තිබෙනවා.

දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ

* ගාල්ල දිස්ත්‍රික්කය:- ⁠නාගොඩ- ⁠ඇල්පිටිය- ⁠බද්දේගම

* කළුතර දිස්ත්‍රික්කය:- වලල්ලාවිට

* මහනුවර දිස්ත්‍රික්කය:- යටිනුවර- ⁠උඩුදුම්බර

* කෑගල්ල දිස්ත්‍රික්කය:- කෑගල්ල- ⁠මාවනැල්ල- ⁠යටියන්තොට- ⁠අරණායක- ⁠දෙහිඹ්විට- ⁠රඹුක්කන

* රත්නපුර දිස්ත්‍රික්කය:- කලවාන- ⁠ඇහැළියගොඩ- ⁠රත්නපුර

පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ

* බදුල්ල දිස්ත්‍රික්කය:- හල්දුම්මුල්ල- ⁠පස්සර

* කොළඹ දිස්ත්‍රික්කය:- සීතාවක- ⁠පාදුක්ක

* ගාල්ල දිස්ත්‍රික්කය:- නෙළුව- ⁠යක්කලමුල්ල

* කළුතර දිස්ත්‍රික්කය:- ඉංගිරිය- ⁠හොරණ- ⁠පාලින්දනුවර- ⁠බුලත්සිංහල

* මහනුවර දිස්ත්‍රික්කය:- ⁠දෙල්තොට- ⁠දොළුව- ⁠උඩුනුවර- ⁠උඩපලාත- ⁠පාතදුම්බර- ⁠පාතහේවාහැට- ⁠ගඟ ඉහළ කෝරළය- ⁠පස්බාගෙ කෝරළය

* කෑගල්ල දිස්ත්‍රික්කය:- ⁠රුවන්වැල්ල- ⁠වරකාපොළ- ⁠බුලත්කොහුපිටිය- ⁠ගලිගමුව

* කුරුණෑගල දිස්ත්‍රික්කය:- රිදීගම- ⁠අලව්ව- ⁠නාරම්මල- ⁠මල්ලවපිටිය

* මාතලේ දිස්ත්‍රික්කය:- රත්තොට- ⁠යටවත්ත- ⁠උකුවෙල- ⁠පල්ලෙපොල- ⁠ලග්ගල- ⁠නාඋල- ⁠අඹන්ගග කෝරළය

* මාතර දිස්ත්‍රික්කය:- වැලිපිටිය

* නුවරඑළිය දිස්ත්‍රික්කය:- අඹගමුව- ⁠හගුරන්කෙත- ⁠වලපනේ- ⁠නෝර්වුඩ්

* රත්නපුර දිස්ත්‍රික්කය:- ⁠ඉඹුල්පෙ- ⁠කිරිඇල්ල- ⁠කුරුවිට- ⁠අයගම