මුහුදේ සිදුවන අන්තරායදායක ඖෂධ වර්ග ප්‍රවාහනය කිරීම සහ අනෙකුත් ආනුෂංගික සංශෝධන හඳුන්වා දෙමින්, 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහාත්, මහ මුහුදේදී ඕනෑම පුද්ගලයෙකු විසින් සිදු කරන ලද වැරදි සඳහා අධිචෝදනා පත්‍ර මත අපරාධ නඩු පැවරීම මගින් විභාග කර තීරණ කිරීමට ශ්‍රී ලංකාවේ මහාධිකරණයට ස්ථානීය අධිකරණ බලය ලබාදීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහාත් 2025 ජුනි 23 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති අතර, එම පනත් කෙටුම්පත් සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබෙනවා.
එම පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.